Gossips

ජනපති වහාම කළ යුතු දෙයක් ගැන බන්දුල කියයි

කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යලි සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
විපක්ෂනායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයාගේ නිර්දේශ අභියෝගයට ලක්කර ඇති බවයි.
මේ අතර අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවයි.