Gossips

ජනපති ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුව අද අමතයි

ඉතාලියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වනාන්තරවලට ලබා දිය හැකි දායකත්වය පිලිබඳ විමසා බැලීම මෙම සමුළුවේ අරමුණයි.
එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙම සමුළුව සංවිධාන කරනු ලබනවා.
මෙම සමුළුවෙන් අනතුරුව විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව සඳහා සහභාගිවන ජනාධිපතිවරයා හෙට ජෝර්ජියාවේ සංචාරයක් සඳහා පිටත්ව යනවා.
ලබන 19 වනදා දක්වා ජනාධිපතිවරයා එහි රැඳී සිටින බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.