Gossips

ජනපති ලේකම් ලෙස උදය ආර්. සෙනෙවිරත්න වැඩ භාර ගනී

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, ක්‍රීඩා, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කළා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ මුදල් හා සැලසුම් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙසට ද ඔහු සේවය කර තිබෙනවා.
මීට මාස කිහිපයකට පෙර විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර ඉන් අනතුරුවයි ජනපති ලේකම් තනතුරට පත් කර ඇත්තේ.
ඔහු අද පස්වරුවේ ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතන පිහිටුවීමෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කළ උදය ආර් සෙනවිරත්න සිය සේවා කාලය තුල දැවැන්ත ව්‍යාපෘති රැසකට නායකත්වය ලබාදී ඇති බවයි.