Gossips

ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්

සියලූ රාජ්‍ය සේවකයන් නව වසරේ තම වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න පවසනවා.
නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ජනාධිපති කාර්යාලයේදී සිය කාර්ය මණ්ඩලය අමතමින් ඔහු මේ බව සදහන් කළා.
එමෙන්ම, පසුගිය වසරේ මුහුණ දුන් අභියෝගාත්මක සිදුවීම් ද සිහිතබා ගනිමින් උදා වූ වසරේ පැමිණිය හැකි අභියෝග සාමුහිකව ජය ගැනීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.