Gossips

ජනපති ලුම්බිණිය වැඳපුදා ගනී

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (01) ලුම්බිණි නුවරට පැමිණියා.
එහිදී ජනාධිපතිවරයා ලූම්බිණිය වැඳපුදා ගැනීමට නියමිත අතර, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා නේපාල ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද හමුවීමට නියමිතයි.
මේ අතර නේපාල – ශ්‍රී ලංකා වෙළඳ සංචාරක සහ ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණා.
නේපාලයේ උපාය මාර්ගික සමාජ පර්යේෂණ ආයතනය විසින් මෙම සමුළුව සංවිධාන කර තිබූ අතර, දෙරට අතර වෙළඳ, සංචාරක සහ ආයෝජන ක්‍ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.