Gossips

ජනපති ලන්ඩන් නුවරට

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට ලන්ඩන් නුවර දී ආරම්භ වනවා.
පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ හෙට (16) ආරම්භ වන මෙම සමුළුව ලබන 21 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇති.
මේ අතර, එක්සත් රාජධානියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඇතුලු 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් එම සංචාරය සඳහා එක්ව සිටිනවා.
ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ හමුවීමටද නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන 19 වනදා රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන අතර, 18 වනදා පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙසද එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.