Gossips

ජනපති රෝමයට ළඟාවෙයි

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට සහ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ රාත්‍රියේ රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපලට ළඟාවී තිබෙනවා.
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වනාන්තරවලට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව විමසා බැලීම මෙම සමුළුවේ අරමුණයි.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙම අන්තර්ජාතික සමුළුව සංවිධාන කරනු ලබනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට පැවැත්වෙන මෙම සමුළුවේ විශේෂ දේශනයක් පවත්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.