ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේදී පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංකගේ ආලේඛ්‍ය චිත්‍රයක් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.
ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැප වූ විශිෂ්ඨ නායකයෙකු ලෙස හැදින් වූ ඔහුගේ ගුණ සැමරුම ද පසුගිය පෙබරවාරි 26 වන දාට යෙදී තිබුණා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ ගාල්ල දිස්ත්‍රික් නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම පක්ෂ මූලස්ථානයේදී අද පැවති අතර, ඊට ද ජනාධිපතිවරයා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
