Gossips

ජනපති යෝජනාව ප්‍රතික්ෂේප කළේ නැහැ – රාජිත සේනාරත්න

ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප නොකළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද පළව තිබූ මාධ්‍ය වාර්තා පිළිබදව දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.