Gossips

ජනපති යාපනයේ සංචාරයක

රට තුළ පවතින දේශපාලන සහ සමාජයීය ගැටළු හදුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ එක්වෙමින්.
මේ අතර අතුරුදන්වූවන්ගේ සහ දෙමළ දේශපාලන රැදවියන්ගේ ඥාතීන් පිරිසක් යාපනය නගරයේදී අද (19) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
ඒ සිය ගැටළුවලට වහා මැදිහත් වන ලෙස රජයට බල කරමින්.
මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අතරින් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබා දී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.