Gossips

ජනපති බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට එක්වෙයි

බම්බලපිටිය – සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද නාහිමියන් වහන්සේගේ නමින් සඟ සතු කොට පූජා කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය නාරද නාහිමි සමරු සදහම්පාය නමින් නම් කර තිබූ ධර්මශාලාව සඟ සතු කොට පූජා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.