Gossips

ජනපති පොළොන්නරුවේ සංවර්ධන කටයුතු කිහිපයක් නිරීක්ෂණය කරයි

එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයකදී දිවි පිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සිය සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටියා.
ඒ පොළොන්නරුවේ – අභයපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීයි.
මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන් දෙදෙනාගේ දේහ කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කිරීමට ද ජනාධිපතිවරයා එකග වී තිබෙනවා.
එමෙන්ම, පොළොන්නරුව නගරයේ සිදුකරනු ලබන සංවර්ධන කටයුතු කිහිපයක් පිළිබදව ද නිරීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා අද පෙරවරුවේ එක්වුණා.
එහිදී ඉදිකිරීමට නියමිත පොළොන්නරුවේ නව කෞතුකාගාරය, පොළොන්නරුව මහරොහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් ඉදිකරන වාට්ටු සංකීර්ණය සහ කඳුරුවෙල ශ්‍රී ලංගම ප්‍රධාන බස් නැවතුම්පොලද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
මේ අතර කොළඹ අද පස්වරුවේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා කියා සිටියේ රැකියා වෙළදපොලට ගැලපෙන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවයි.