Gossips

ජනපති පොලිසියේ ප්‍රධානීන් කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලුම ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු පොලිසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.
රට තුල නීතිය හා සාමය නිසියාකාරව සිදුකරගෙන යෑම පිළිබද මෙහිදී සාකච්ජා කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ.
මේ අතර ඌව – වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොල විරුවා ප්‍රමුඛ දස දහසක් විරුවන්ට පින් පැමිණවීම වෙනුවෙන් සංවිධාන කළ පුණ්‍යයෝත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (25) පැවැත්වුණා.
එහිදී ජනාධීපතිවරයා කැප්පෙටිපොල වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වූ අතර, ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමටද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
නිදහස් අරගලයේදී දිවි පිදූ විරුවන් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් සිදුකළ අතර, වීර කැප්පෙටිපොල අනුස්මරණ ගුණකථනය පවත්වනු ලැබුවේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් විසින්.