Gossips

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් හමුවෙයි

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් ගේ පැසසුමට ලක්ව තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සදහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.
එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් ලෙස තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ශක්තිමත් කරන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසි වාරයට සහභාගිවීම සඳහා නිව්යෝක් නුවරට ගිය ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද හමුවී තිබුණා.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ 27 වන මහලේ පිහිටි මහලේකම්වරයාගේ කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසර 3 හමාර තුළ දී විශාල කාර්ය භාරයක් ඉටු කළ බවයි.
අසීරුතා රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අද ලබා ඇති ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පැසසුමට ලක්වූ අතර, මෙරටට අඛණ්ඩව සහය ලබාදෙන බව ඔහු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.