Gossips

ජනපති, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවෙයි

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ නිව්යෝක් නුවරදී සිදුවී තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරියගේ පැසසුමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අතර, එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසි වාරයට සහභාගිවීම සඳහා නිව්යෝක් නුවරට ගිය ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද හමුවී තිබුණා.