Gossips

ජනපති පිලිපීන සංචාරයකට සූදානම්

මේ වසරේ පළමු නිළ සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 15 වන දා පිලිපීනය බලා නික්මෙනවා.
පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගො ඩුටරෙට්ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.
ජනවාරි 15 වන දා සිට 19 වන දා දක්වා මෙම සංචාරය සිදුවන අතර, දෙරටට බලපාන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යන ක්ෂේත්‍ර කිහිපයක් මුල් කරගෙන සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.