Gossips

ජනපති ප්‍රධානත්වයෙන් නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුලට පැවරේ

ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා.
නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ගැනුනු අතර, එහි පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.
මේ අතර දේශපාලන භේදයකින් තොරව ග්‍රාමශක්ති ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
රත්නපුර – ගනේගම ග්‍රාමශක්ති ගම්මානයේ ජනතා හමුවට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.