Gossips

ජනපති ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ගල්විහාරයේදී සිදුකෙරේ

මොරගහකන්ද ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ (10) පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා ප්‍රකාශ කළේ වයඹ සහ නැගෙනහිර පළාත්වල ගොවි ජනතාවට ද මොරගහකන්ද ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන බවයි.
එහිදී අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රය ආරම්භ කරමින් පොළොන්නරුව ගල්විහාර බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල දී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනපතිවරයා ආගමික වතාවත්වලද නිරත වූවා.