පකිස්ථානයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉස්ලාමාබාද් නුවර නුර් ඛාන් ගුවන්තොටුපලට ළගාවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාත්‍රී 8 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු දුත පිරිස රැගත් යානය නුර් ඛාන් ගුවන්තොටුපලට පැමිණි බවයි.
පකිස්ථාන ජනාධිපති මමිනුල් හුසේන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගෙන තිබෙනවා.
ආචාර වෙඩිමුර 21 ක් සහිත උත්තමාචාරයක් ද එහිදී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට සහභාගී වීම සඳහායි එරට ජනාධිපතිවරයාගේ ආරාධනය මත මෛත්‍රීපාල සිරිසේන මහතා පිටත්ව ගියේ.
පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට පකිස්ථාන රජය සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.
මේ අතර ප්‍රතිසංස්කරණය කෙරුනු ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට ද හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි අතර නිල හමුව ද හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
නායකයන් අතර ද්වීපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අධ්‍යාපන තරුණ කටයුතු සහ සංචාරක ක්ෂේත්රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 4 කට ද අත්සන් තැබෙනු ඇති.