Gossips

ජනපති නිව්යෝක්හිදී අද, නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (24) නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර සාම සමුළුව ඇමතීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් සංවිධාන කරනු ලබන මෙම සාම සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලෙස කරනු ලැබූ ආරාධනාවකට අනුවයි ජනාධිපතිවරයා මෙම සමුළුව අමතනු ලබන්නේ.
මීට ලෝකයේ රාජ්‍ය නායකයින් 50කට අධික සංඛ්‍යාවක් සහභාගිවනු ඇති.
මානව හිමිකම් සුරක්ෂිත කිරීම, නීිිතියේ ආධිපත්‍ය, දුප්පත්කම තුරන් කිරීම සඳහා වන උපාය මාර්ග පිළිබඳව සමුළුවේදී ලෝක නායකයන් අවධානය යොමු කරනු ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය හෙට (25) ආරම්භ වන අතර, එදින පස්වරුවේ ජනාධිපතිවරයා සැසිවාරය අමතා විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.
මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා පෙරේදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ නිව්යෝක් නුවරට ළඟාවුණා.