කෙන්යාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එරට නයිරෝබි අගනුවර කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෝනි සිමොන්ස් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත් බවයි.
මෙම මධ්‍යස්ථානය මගින් වනාන්තර හා ස්වභාවික රක්ෂිතවල තිරසර කළමනාකරණය, ආරක්ෂාව සහ නියාමනය සඳහා විශේෂඥ දැනුම සපයනු ලබනවා.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රයේ පර්යේෂණ කටයුතු සඳහා මෙම මධ්‍යස්ථානයේ සහයෝගය ලබා ගැනීමට ද ජනාධිපතිවරයා එහිදී කැමැත්ත පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මේ අතර, නව ක්ෂේත්‍ර ඔස්සේ සබඳතා ශක්තිමත් කර දෙරටේ ජනතාවට පුළුල් ප්රතිලාභ ලබාදීම කෙරෙහි කෙන්යා – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ගේ අවධානය ඊයේ යොමුවුණා.
ඒ, කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ජනාධිපති උහුරු කෙන්යාටා අතර ඊයේ සිදුවූ නිල හමුවේදීයි.
අතිශය සමාන පරිසරයක් සහ අත්දැකීම් සහිත සමාන අභියෝගයන්ට මුහුණදී සිටින රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ කෙන්යාවට නව සබඳතා තුලින් ප්රතිලාභ ලබා ගත හැකි ආකාරය මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.