Gossips

ජනපති ධුර කාලය ගැන, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි

නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) යළි පැවැත්වෙනවා.
මීට පෙර සාකච්ඡා දෙකක් පැවති අතර, පසුගිය 21 වනදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
එදින ඔහු කියා සිටියේ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අද දිනයේ යලි සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර, කොළඹ ඊයේ (09) මාධ්‍ය හමුවක් කැදවමින් නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බවයි.