පාකිස්තාන ජනරජ දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජ්‍ය සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.
ජනාධිපතිවරයා කරච්චි නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.184 යානයෙන් රාත්‍රි 9.40 ට කටුනායක ගුවන් තොටුපලට ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
