Gossips

ජනපති, දියමං පාලම නිරීක්ෂණය කරයි

පොළොන්නරුව – ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිරීක්ෂණය කර තිබෙනවා.
අද එම ස්ථානයට ගිය ජනාධිපතිවරයා පාලමේ ඉදකිරීමේ කටයුතු පිළිබදව සොයා බැලූ අතර අදාළ ඉංජිනේරුවන්ට උපදෙස් ලබාදුන්නේ ඉදිකිරීම් කඩිනම් කර, එහි ප්‍රතිලාභ ගොවිජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙසයි.
පිබිදෙමු – පොළොන්නරුව වැඩසටහන යටතේ දිගුකාලීන පියවරක් ලෙස මෙම පාලම ඉදිකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පොළොන්නරුව – විජයබාපුර ප්‍රදේශයේ පිහිටි මෙම පාලම පරාක්‍රම සමුද්‍රයෙන් ගොවි බිම් වෙත ජලය ගෙන යන එකේ ඇළට අයත් වන අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 2500ක්.