Gossips

ජනපති දස දහසක් විරුවන්ට පිං පැමිණවීමේ පුණ්‍ය කර්මයක

ඌව – වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොල වීරයා ප්‍රමුඛ දස දහසක් විරුවන්ට පින් පැමිණවීම වෙනුවෙන් සංවිධාන කළ පුණ්‍යයෝත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී අද පැවැත්වුණා.
එහිදී ජනාධීපතිවරයා කැප්පෙටිපොල වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වූ අතර, ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමටද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
නිදහස් අරගලයේදී දිවි පිදූ විරුවන් වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ අතර, වීර කැප්පෙටිපොල අනුස්මරණ ගුණකථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදුකර තිබෙනවා.
මහා සංඝ රත්නය මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.