Gossips

ජනපති තීන්දුවත් සමග අගමැති ගෙදර යයි

ජාතික ආණ්ඩුවේ ගිවිසුම අහෝසිවීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන් විද්වතුන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව දින 6 ක් ගතවී ඇතත් තවමත් ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුදය අවසන් වී නැහැ.
ආණ්ඩුව තුළ ප්‍රධානම අර්බුදය මතුව ඇත්තේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන්.
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ ඇති උපරිම විශ්වාසය ගිලිහී ඇතැයි ජනාධිපතිවරයාට හැගෙන්නේ නම් අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් එම ධුරයේ රැඳීමට හැකියාවක් නොමැති බවයි.
එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සංශෝදන සිදු කිරීමට හෝ එහි සංයුතිය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට සම්පුර්ණ බලතල පවතින බව ද ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරයා තීරණයක් ගෙන එලෙස අමාත්‍ය මණ්ඩලය ඉවත් කළහොත් අගමැතිවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටීමට නොහැකි බවයි ජනාධිපති නීතිඥ නෝහර ද සිල්වා පෙන්වා දුන්නේ.