දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද තිරුපති කෝවිල වැඳපුදා ගත්තා.
එම අවස්ථාවට ජනාධිපති ආර්යාව ඇතුළු පවුලේ සාමාජිකයින් ද එක්ව සිටි බව සඳහන්.
ඔවුන් එහිදී පැය භාගයකට ආසන්න කාලයක් කෝවිලේ ආගමික වතාවත්වල නිරත වූ බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
