Gossips

ජනපති, තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මීගමුව දළුපොත තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
තරුණ රැඳවියන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා එම තරුණයන් සමඟ සුහද කතාබහකද නිරත වුණා.
සූළු වරදකරුවන්, තරුණ හා නවක වරදකරුවන්, බරපතළ අපරාධකරුවන් බවට පත්වීම වළක්වමින් ඵලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය පිහිටුවා තිබෙනවා.
තරුණයන් නැවත වරදට පෙළඹවීම වළක්වාලමින් ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීම සහ යහපත් පුරවැසියෙකු ලෙස ජීවිතය සකසා ගැනීම පිළිබඳව එම තරුණයින් දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තර සංවිධානය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා විසින් එම මධ්‍යස්ථාන නිලධාරීන්ට
පැහැදිලි කර දුන්නා.
ඉන් අනතුරුව එම මධ්‍යස්ථානයේ සුබසාධන කටයුතු සහ සෙසු පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා විසින් සොයා බැලීමක් සිදුකළ අතර පුනරුත්ථාපනය ලබන සියලු තරුණ තරුණියන් වෙත උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුභාෂිංසනද පිළිගැන්වූවා.