Gossips

ජනපති ට්‍රම්ප් ස්කොට්ලන්තයට

එංගලන්තයේ දෙදින සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද සිය මව උපන් ස්කොට්ලන්තයට පැමිණියා.
ස්කොට්ලන්තයේ ටර්න්බෙරි ප්‍රදේශයේ අයිර්ෂයර් හි ඔහුට අයත් ගොල්ෆ් නිකේතනයක් ද ඇති අතර, එහිදී ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවීමට ද ජනපති ට්‍රම්ප් අපේක්ෂා කරනවා.
ජනපති ට්‍රම්ප් සිය බිරිඳ මෙලනියා සමඟ සති අන්තය එහි ගත කරන අතර, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට අද ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණයක් ද පැවැත්වෙන බව සඳහන්.