උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවී න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.
නොබෙල් පදනම වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින්.
නොබෙල් සාම ත්‍යාගයට තමා නම් කොට ජපාන අගමැති අබේ යොමු කළ පිටු 5ක නම් කිරීමේ ලිපියේ පිටපතක් තමා වෙත ලැබුණු බව ජනපති ට්‍රම්ප් ධවල මන්දිර මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
ජපාන – අසාහි පුවත්පත වාර්තා කළ පරිදි අගමැති ෂින්සෝ අබේ එම ලිපිය ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු බලධාරීන්ගේ ඉල්ලීම මතයි.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිළ ප්‍රකාශයක් සිදුකර නැහැ.
