Gossips

ජනපති ට්‍රම්ප්ට එරෙහිව ප්‍රාන්ත 16ක් අධිකරණයට

සිය මැතිවරණ පොරොන්දුවක් වූ මෙක්සිකෝ දේශසීමාව හරහා දැවැන්ත පවුරක් ඉදිකිරීමට මුදල් ලබා ගැනීමේ අරමුණෙන් ජනපති ට්‍රම්ප් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව ඇමරිකාවේ ප්‍රාන්ත 16ක් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹී තිබෙනවා.
ඊට අදාළ නඩුවක් කැලිෆෝනියා අධිකරණයේ පවරා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජනපති ට්‍රම්ප් විසින් ජනාධිපති බලතල අවභාවිත කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව කැලිෆෝනියා නීතිපතිවරයා ප්‍රකාශ කළා.
ජනපති ට්‍රම්ප් විසින් දේශසීමා පවුර ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 8ක මුදලක් ලබා ගැනීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ඒ සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම හේතුවන්.