Gossips

ජනපති ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙය වූ පෝල් මනෆෝට් සිපිරි ගෙට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙය වූ ප්‍රධානියා වූ පෝල් මනෆෝට් ට මාස 47ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
ඒ, බදු පැහැර හැරීම් සහ බැංකුවලට වංචා කිරීම යන චෝදනා යටතේයි.
ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු මෙන්ම ඔහු ජනාධිපතිවරණයේදී රුසියාවේ සහය ලැබූ බවට චෝදනා කරන රොබට් මුලර්ගේ පරීක්ෂණවලට අනුවයි මනෆෝට් වෙත සිර දඩුවම් නියම වූයේ.
කෙසේ නමුත් නීතිපති අංශ ඉල්ලා සිටි වසර 19යේ සිට 24 දක්වා වූ සිර දඩුවම් ප්‍රමාණය ඉක්ම වූ ඉල්ලීමක් ලෙස විනිසුරු හැදින්වූවා.
එහෙත් ඔහුට එරෙහිව තවත් එවැනිම නඩුවක තීන්දුව වොෂින්ටනයේදී ලබන සතියේ ලබාදීමට නියමිත අතර එහිදී වසර 10ක සිර දඩුවමක් නියම විය හැකි බව සඳහන්.
ඒ, එහි විනිසුරු බොහෝදුරට නීතිපති අංශවලට බර වූ තීන්දු ලබාදීම හේතුවෙන්.