ජෝර්ජියාව සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික මෙන්ම සංචාරක ක්ෂේත්රයේ සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ දෙරටේ නායකයින්ගේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ, විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව නායක හමුවට එක්වීමට ජෝර්ජියාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ජනාධිපති ගියෝර්ගි මාර්ගේලාෂ්වි අතර ඊයේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලදියි.
එහිදි එහිදී දෙරට අතර පවතින මිත්‍ර සබඳතා වැඩි දියුණු කරගැනීම පිළිබඳවද රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.