Gossips

ජනපති ජාතික රෝහලට පැමිණෙයි

රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (04) පෙරවරුවේ එම රෝහල වෙත පැමිණියා.
එහිදී ජනාධිපතිවරයා තමන් සමඟද කරුණු විමසීමක නිරතවූ බවයි අනතුරට ලක්ව සිටින පොලිස් නිලධාරියාගේ පුත් අශාන් සරත්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය මස 24 වනදා ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර මෙම අනතුරට ලක්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් එය පැදවූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.