Gossips

ජනපති ජාත්‍යන්තර සූර්යබලශක්ති සමුළුවට එක්වෙයි

බලශක්ති අර්බුදයට පූර්ව සූදානමක් ලෙස සූර්යබල සංග්‍රාමය නැමැති වැඩසටහන දැනටමත් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (11) පෙරවරුවේ ඉන්දීය ජනපති මන්දිරයේ පැවති ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුව අමතමින්.
ඉන්දියාවේ සහ ප්‍රංශයේ සම සත්කාරකත්වයෙන් සංවිධාන වූ ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුව පැවැත්වෙන්නේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදීයි.
ඊට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඇතුළු රටවල් 23ක නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ව සිටියා.
සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූයේ රාෂ්ට්‍රපති භවන් හිදීයි.
දෙරට අතර සබදතා ආර්ථික වශයෙන් ද ශක්තිමත් කිරීම වැදගත් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් ද හමුවුණා.
ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සියයට 28ක් වන ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සියයට 38ක් දක්වා වැඩි කිරීමේ සැලසුම් යටතේ ගුවන් හමුදාව විශේෂ නිරීක්ෂණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවයි.