Gossips

ජනපති – ජපාන අගමැති ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර ද්විපාර්ශවික සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එම සාකච්ඡා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ශිනගවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ කසල ගැටලූව විසඳීම සඳහා ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බලන බවත්, ඒ සඳහා ජපාන රජයේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව පිළිබඳ විමසීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.