Gossips

ජනපති ජපානයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ශිනගවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කසල ගැටලූව විසදීම සදහා ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව සොයා බලන බවත්, ඒ සදහා ජපාන රජයේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව පිළිබද විමසීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මෙම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී දෛනිකව අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 600 ක් පමණ දෛනිකව කළමනාකරණය කෙරෙනවා.
මිලියන 9.3 ක් වන ටෝකියෝ නුවර වෙසෙන ජනතාව දෛනිකව බැහැර කරන කසල ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 11,000 ක්.