පස්දින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) පෙරවරුවේ එරටට ලඟා වුණා.
ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා ජපානය වෙත පැමිණියේ.
හෙට (13) දිනයේදී අකිහිතෝ අධිරාජ්‍යා සහ මිචිකෝ රැජින හමුවන ජනාධිපතිවරයා අනිද්දා (14) එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවී ද්විපාර්ශවීය සාකච්ජා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
