Gossips

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම අවසන්

2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි භාරගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා.
ඒ අනුව ඊට පැමිණිලි හා පෙත්සම් 1142 ක් ලැබී තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරින් පැමිණිලි 48 ක් පමණ මූලික විමර්ශනය සඳහා කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට භාරදී ඇති බවයි.
ලැබුණු පැමිණිලි අතරින් මහා පරිමාණ වශයෙන් වංචා සිදුවී ඇති ආයතන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ලේ බැංකුව, මෙන්ම ඊට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම කොළඹ මහ නගර සභාවේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්ද එම කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.