2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 610 ක් ලැබී තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ පැමිණිලි ලබාදීමට තිබූ කාලය ලබන 14 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන පියවර ගැනීමත් සමඟ පැමිණිලි විශාල වශයෙන් ලැබෙන බවයි.
මේ වනවිටත් ලැබී ඇති පැමිණිලිවලින් 320 ක් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන්ගේ පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.