Gossips

ජනපති, කෙන්යාව බලා පිටත්ව යයි

ලෝක පරිසර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගියා.
හෙට සිට දින 4 ක් නයිරෝබි නුවරදී මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමඟ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රධාන ආරාධිතයන් ලෙස ඊට එක්වීමට නියමිතයි.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඉටු කරන මෙහෙය සැලකිල්ලට ගෙනයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජගත් පරිසර සමුළුවට සහභාගිවීම සඳහා මෙම විශේෂ ආරාධනය සිදුකර ඇත්තේ.rn