කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ‘‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’’ යන්න තේමා කරගත් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද සිය දේශනය සිදුකිරීමට නියමිතයි.
කෙන්යානු ජනපති උහුරු කෙන්යාටාගේ විශේෂ ආරාධනයකට අනුව එම සමුළුවට එක්වීම සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ ඊයේ පෙරවරුවේයි.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුලූ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සමුළුවට සහභාගිවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එමෙන්ම ජනාධිපතිවරයාගේ සිය සිව්දින නිල සංචාරයේදී කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා ද හමුවනු ඇති.
