ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සමුළුවේදී ජනාධිපතිවරයා තමාට කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.
"ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදියෝ" යන මැයෙන් සංවිධායන කර තිබූ මෙම සම්මන්ත්‍රණයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තියවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
