Gossips

ජනපති එගොඩ කැළණිය විහාරස්ථානයට

කිත්සිරිමෙවන් කල්‍යාණි රජමහා විහාරස්ථානය හෙවත් එගොඩ කැළණියේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එක්වුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මීට මාස දෙකකට පමණ ඉහත දී කැළණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළ බවයි.
ඒ අනුව එහි නිරීක්ෂණ කටයුතු සඳහා අද උදෑසන ජනාධිපතිවරයා එක්වූයේ ආගමික වතාවත්වලින් අනතුරුවයි.