Gossips

ජනපති උතුරට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උතුරේ සංචාරයක නිරත වනවා.
අද උදෑසන යාපනයට පැමිණි ජනාධිපතිවරයා මයිලඞ්ඩි වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වුණා.
මේ අතර, යාපනය – තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 4 කට අධික ප්‍රමාණයක් ඊයේ ඒවායේ මුල් අයිතිකරුවන් වෙත භාරදීම සිදුකෙරුණා.
ඒ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.
මෙම ඉඩම් වසර 30 කට අධික කාලයක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස යුද හමුදාව යටතේ පැවතුණා.