Gossips

ජනපති ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පවත්වා තිබෙනවා.
මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ජනතාව අතර ඇති සබඳතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇති බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවලට පිහිටා තිබෙන අතර, ඒ අනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ආධ්‍යාත්මික නායකයා විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.