නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාවට ළගාවී තිබෙනවා.
ජාත්‍යන්තර සුර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුචිගන් ෂාම් විසින් ජනාධිපතිවරයා පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර ද එම අවස්ථාවට එක්ව සිටියා.
