Gossips

ජනපති ඇමරිකාවට ළඟාවේ

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවර – ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී තිබෙනවා.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි.
එක්සත් ජාතීන් සියළුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ සාමකාමී හා තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන්න මෙවර සැසි වාරයේ තේමාව වනවා.
නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ප්‍රධාන සැසි වාරය අනිද්දා ආරම්භ කෙරෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදින පස්වරුවේ සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රාජ්‍ය නායකයන් සඳහා පිරිනමන විශේෂ භෝජන සංග්‍රහයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට සහභාගිවීමට නියමිතව තිබෙනවා.