Gossips

ජනපති, ආණ්ඩුකාර සහ තානාපතිවරුන්ටත්, වත්කම් බැරකම් නීතිය

ජනාධිපති, ආණ්ඩුකාරවරුන් සහ තානාපතිවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික තනතුරු හොඹවන නිලධාරීන්ට ද වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව නීති සකස් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙතෙක් පැවති නීතියට අනුව අදාළ තනතුරු සඳහා වත්කම්, බැරකම් ප්‍රකාශ ලබානොදී සිටීමට ද හැකියාව තිබූ බවයි.