Gossips

ජනපති අපේක්ෂකයා හෙළිකිරීමට එජාපය සූදානමින්

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරියේදී හෙළි කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව කියා සිටියා.